ආණ්ඩුව විසින් පෙන්වන ලද නාට්‍ය දැන් ආණ්ඩුවටම පාරාවළල්ලක් වී ඒවා වසාගැනීමේ අරමුණින් අලුත් නාට්‍ය පෙන්වීමට පටන්ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
“පිටපත නම් ඉතාම දුර්වල නාට්‍ය පිටපතක් එක්ක අලුත් නාට්‍යයක් පෙන්නලා. මේ අද ආර්ථික වශයෙන් වසංගතමය වශයෙන්, අන්තර්ජාතික වශයෙන් කඩාවැටිලා, අප්‍රසාදයට පත්වෙලා, වැරදි කළමනාකාරීත්වය නිසා ජනතාව ඇතුළේ පිළිකුලට ලක්වෙලා ඉන්න ආණ්ඩුව උත්සාහ කරනවා මේ අප්‍රසාදය, පිළිකුල වෙනත් තැනක ස්ථානගත කරන්න. බාල වර්ගයේ නාට්‍යයක් නැවත රඟ දක්වලා.”
තමන් සහ කතෝලික පියතුමන්ලා එක්ව කුමන්ත්‍රණයක් කරන බවට රාජ්‍ය මාධ්‍ය සහ පුද්ගලික මාධ්‍යවල වීඩියෝ පටයක් පසුගිය දිනවල ප්‍රචාරය වූ බව පැවසූ රණවක මහතා එම වීඩියෝ පටය ප්‍රසිද්ධියේ කතෝලික පියතුමන්ලා සමග සිදුකළ සාකච්ඡාවක් බවත් එහි කිසිම කුමන්ත්‍රණයක් නොමැති බව ද පෙන්වා දුන්නේය.
“කතෝලික පල්ලියට දැන් අවුරුදු එක්දාස් හයසීයක්. විවිධ අධිරාජ්‍යයන් විවිධ යුද්ධ, ලෝක යුද්ධ, රජවරු මේ විශාල ක්‍රියාදාමයක් තුළින් පැවතිච්ච ආයතනයක්. ඒ ආයතනයට මේ මම වගේ දේශපාලඥයෙකුට කුමන්ත්‍රණයක් කරන්න පුළුවන් විදිහේ ආයතනයක් නෙමෙයි ඒ ආයතනය.
මෙය කතෝලික පල්ලියටත් විශාල අවමානයක් ගෙන දෙන ක්‍රියාදාමයක් මෙන්ම පියතුමන් කිහිපදෙනෙක්ව ඉලක්ක කරගත් දේශපාලන දඩයමකි. පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු අමාත්‍යවරයා තම අදහස් එහි විවෘතව ප්‍රකාශ කොට තිබේ. පියතුමන් වෙත, සමාජයට හා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙන වෙනම එකිනෙකට වෙනස් අදහස් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් නැත.
“මෙවැනි ආගමික අන්තවාදයක් වහාබ්වාදය සමග ක්‍රියාත්මක වන බවට මුලින්ම මේ රටට අනතුරු අඟවන කෘතියක් නිර්මාණය කළේ මමයි. ඒ 2001 වර්ෂයේ. ඒ කියන්නේ මීට අවුරුදු 20කට කලින්. එතකොට ඒ ඒ පිළිබඳ අනතුරු ඇඟවීමක් මුලින්ම මම කරලා තියෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. එවැනි අන්තවාදී ආගමික අදහස් දරන ඒ වෙනුවෙන් ක්‍රියාකරන අය මේ මහා මුස්ලිම් සමාජය තුළ ඉන්න බව ඒ මහා මුස්ලිම් සමාජයේ ඉන්න බහුතර මුස්ලිම් ජනයා එවැනි ක්‍රියා අනුමත නොකරන බවත් අපි සියලු දෙනාම හොඳටම දන්නවා. එතකොට ඒක වහන්න අපිට කිසිම ඕනකමක් නෑ.”
තව්හිද් ජමාත් ව්‍යාපාරය මේ රටේ මුස්ලිම් සමාජය තුළ සිටින ඉතාම සුළු කණ්ඩායමකි. ඔවුහු සමාජය තුළ අන්තවාදී අදහස් ප්‍රචලිත කිරීමට කටයුතු කළ අතර, ඇතැම් අවස්ථාවල ප්රචණ්ඩව හැසිරුණහ.
විනිසුරු ජනක් ද සිල්වා ප්‍රධානත්වය දරන පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අනුව ඊට සම්බන්ධ සහරාන් ඇතුළු විසිදෙනා සහිත කණ්ඩායම ඉහත කී තව්හිද් ජමාත් ව්‍යාපාරය හා මතුවූ අයයි.
“මේ තව්හිත් ජමාත් ව්‍යාපාරය කැඩී ගිහිල්ලා තමයි 2018 වර්ෂයේ පමණ සහරාන් කියන පුද්ගලයා වෙනම ගමනක් ගියේ. එතකොට මේ තවුහිද් ජමාද් ව්‍යාපාරය හා ශ්‍රී ලංකා බුද්ධි අංශ අතර සම්බන්ධයක් තිබුණාය කියන එක මම නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයත් පිළිඅරගෙන තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගැටඹේ රජෝපනාරාමය ගිහිල්ලා පිළිගත්තා. අපි සල්ලි දුන්නා. තොරතුරු ගත්තා කියලා ඒක ප්‍රසිද්ධ වෙලා තියෙනවා.”
“පසුගිය රජය අපකීර්තියට පත් කිරීමටත් මේ නව රජය බලයට පත් කිරීමට කුමන්ත් රණයක් තිබුණාය. මහ මොළකරුවන් සිටියාය කියලා කිව්වේ අපි නෙවෙයි. යුක්තිය ඉටු කරනවාය පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට කියලා මුළු කතෝලික ජනතාවටම කිව්වේ අපි නෙවෙයි. ඒ සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රචාරණ ගෙනිච්චා. හැබැයි යහපාලන කාලයේ අත්අඩංගුවට ගත්ත පිරිස ඇරෙන්න අලුතෙන් කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නෑ.
අවුරුදු දෙකක් ඇමරිකා එක්සත් ජනපදයත් මේකට සම්බන්ධ පිරිස් වලට නඩු පවරලා තියෙනවා. අපි තාමත් නඩු පවරලා නෑ. ඒ ඒ වගේම මේ පිටිපස්සේ හිටපු චරිත කවුද කියන එක පිළිබඳව නැගෙන කුකුස විසඳන්න ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙනත් නෑ. ඒ නිසා අර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා මහ මොළකරුවෝ අල්ලනවා. කෙනා අපිට වැදගත් වහසි බස් කරපු කිසිම දෙයක් නෑ. ඇත්තටම සහරාන්ට යම් යම් ආකාර වලින් උදව් උපකාර කරපු නැගෙනහිර පළාතේ දේශපාලනඥයෝ අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවත් එක්ක ඡන්දෙ දෙනවා. ඊළඟ පළාත් සභා මැතිවරණයේදීත් අපිට ඒක දැකගන්න පුළුවන්. ඒ අයට ඒ අයට කිසිම හානියක් සිද්ධ වෙලා නෑ. එහෙනම් ඉතාම පැහැදිලියි ආණ්ඩුව මේ ක්‍රියාදාමය වසන් කරනවා.”
එමෙන්ම පාර්ලිමේන්තුවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් පැවැත් වූ කොමිසම ඉදිරියට ගිය රණවක ඇමැතිවරයා ඒ පිළිබඳව තම අදහස් විවෘතව ප්‍රකාශ කළේය.
“ආණ්ඩුවෙන් අපේ සාක්කියට මොකද වුනේ? සමහරු කියනවා ගිහිල්ලා රහස් පොලිසියට කට උත්තරයක් දෙන්න කියලා. අපි දුන්නා බොහොම වැදගත් සාක්කියක්. ඒක විමර්ශනය කිරීම තමයි රහස් පොලීසියේ වගකීමත් ඒ වගේම නීතිපතිගේ වගකීම. දැන් නීතිපතිතුමා මොකද කිව්වේ? නීතිපතිතුමා කිව්වේ මේකෙ කුමන්ත්‍රණය තියෙනවා කියලා. එහෙමනම් ඒ මහත්තයව තමයි මුලින් ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕනේ. ඒක කරන්නැතුව මේ අනිත් අයට විටින් විට ගෙනල්ලා මේ රහස් පොලිසිය යොදවගෙන කරන මේ හිරිහැරය අන්තිම අවලස්සනයි. අසික්කිතයි. මේක පැහැදිලි දේශපාලන දඩයමක් හැටියටයි අද ක්‍රියාත්මක වෙන්නේ.”
ඒ සම්බන්ධයෙන් රණවක හිටපු අමාත්‍යවරයා විසින් ලබාදුන් පිටු ගණනාවක සාක්ෂිය මෙතෙක් ජනතාවට ලබා දී නොමැත. වෙළුම් විසිතුනකින් තවමත් නිකුත් කර ඇත්තේ එක් වෙළුමක් පමණි.
‘මුලින් ඔය කටමැත දොඩවන සියලු දෙනාටම අපි කියන්නේ ඒ වෙලුම් විසිදෙක මගේ සාක්කියක් සහිත වෙළුම් විසිදෙක එළිදරව් කරන්න. එහිදී මම ලබාදුන් තොරතුරු පිළිබඳව මට ඒ කොමිසමෙන් කිව්වේ මගේ විශේෂඥ සාක්කියක් කියලා. එහිදී මා විසින් ලබාදුන් තොරතුරු පිළිබඳව වහාම විමර්ශනයක් කරන්න. ඒකයි කළ යුතු දේ වෙන්නේ. එහෙම නැතුව මේ සම්බන්ධයෙන් මේ දේශපාලන මඩ ව්‍යාපාරයක් ගෙනයාම ඉතාමත් භයානක අපරාධයක් මේ මොහොතේ හිතනවනම් මේකෙන් යම්කිසි ආකාරයකට මේ සමාජය නොමඟ යවන්න පුළුවන් කියලා ඒක ආණ්ඩුවට වෙච්ච බරපතළ වරදක් බවත් මතක් කරන්න ඕන.”
පාස්කු කොමිසම ඉදිරියට ගොස් තමන් විසින් ලබාදුන් ඇති සාක්ෂිය, තමන් විසින් පළකොට ඇති පොතපත මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ කාරක සභාවේ කටයුතු කරමින් තමන් විසින් ලබාදුන් දේවල්, ප්රවෘත්ති සාකච්ඡාවල කියූ දේ, දේශපාලන වේදිකාවල කියූ දේ සහ මේ පියතුමන්ලා සමග කළ සාකච්ඡාවේ කිසිදු වෙනසක් නැත.
“කිසිම ආකාරයට අපි තොරතුරු හංගලා හෝ වෙනත් විදිහට කටයුතු කරලා නෑ. අපි නැවතත් ආණ්ඩුවට අවධාරණය කරන්නේ, අපි ලබාදුන් මේ සැකමුසු තත්ත්වයන් දුරු කරන්න මේ රට ඇතුළේ කියලා. ඒ වගේම ආණ්ඩුව මොකද කරන්නේ? කාදිනල් වහන්සේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලනකොට පසුගිය ආණ්ඩුව කාලේ උන්වහන්සේ හොඳයි. දැන් උන්වහන්සේ නරකයි. එතකොට ඇතැම් පුද්ගලයෝ ඇවිල්ලා මේ නාට්‍යයේ නළුවෝ ටික ඇවිල්ලා කාදිනල් වහන්සේව තදින් විවේචනය කරනවා. ඊළඟට තව කණ්ඩායමක් ඇවිල්ලා කියනවා කාදිනල් වහන්සේට විරුද්ධ කුමන්ත්‍රණයක් පල්ලිය ඇතුලේ තියෙනවා කියලා පල්ලිය දෙකඩ කරන්න පුළුවන්ද කියලා බලනවා.”
එක් පැත්තකින් කාදිනල් තුමන් ඇතුළු ජනතාව කතෝලික ජනතාව කෙරෙහි බෞද්ධ ජනතාවගේ වෛරය අවුළුවන සුළු ක්‍රියාදාමයක් කරගෙන යන අතර, අනෙක් පැත්තෙන් කතෝලික සමාජය ඇතුලේම කාදිනල් වහන්සේ ඇතුළු පල්ලියේ බලධාරීන් ප්‍රශ්න කරන ක්‍රියාවලියක් ඇතුලේ ගැටුමක් ඇතැයි කියා පතුරුවාලන්නට ආණ්ඩුව උත්සාහ කරයි.
එමෙන්ම තෝරාගත් කතෝලික ක්‍රියාකාරීන් තරුණ ක්‍රියාකාරීන් සහ පූජකතුමන්ලාව ඉලක්ක කරගත් යම් මර්දනයක් ක්‍රියාත්මක වන බවත් පැහැදිලිය.
“මේක කරන්න එපා කියලා අපි මේ ආණ්ඩුවට කියන්නේ. මේ ආණ්ඩුවට අද ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට සියලු දෙනා එක්ක සහයෝගයෙන් යන ගමනක්. මේ ආණ්ඩුවට අද තියෙන්නේ ජාත්‍යන්තර වටලෑමට මුහුණ දෙන්න, ජිනීවා ඇතුළු අනෙකුත් ක්ෂේත්රවලින් සිදු කෙරෙන සියලු දෙනා එක්ක සාමූහිකව යන්න ඕන ගමනක්. මේ ආණ්ඩුවට අද තියෙන්නේ නැවත වතාවක් පහත් පෙළේ වැඩ, තවත් මෙවැනි නාටක පවත්වන්න එපා. මහජනයාට තියෙන සැකය, කතෝලිකයන්ට තියෙන සැකය මුළු රටේ මේ තුළින් ඇතිවන මුස්ලිම් ප්‍රජාවට තියෙන සැකය දුරු කරන්න මොකක්ද මේ සබැඳියාව මේ බුද්ධි අංශ සහ තවුහිද් ජමාත් ව්‍යාපාරය එක්ක තිබිච්ච කියන එක කරුණාකරලා රටට හෙළි කරන්න. එහි මූලික දේ හැටියට ජනක් ද සිල්වා ජනාධිපති කොමිසමේ වාර්තාවේ වෙළුම් 22 වහාම ප්‍රකාශයට පත් කරන්න කියලා ආණ්ඩුවට අපි කියනවා.” යැයි පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
– Midea unit