කුරුඳු දුම්වැටිය පනත උල්ලංඝනය කරලා / නීතිමය පියවර ගැනීමට තීරණයක්

කුරුඳු දුම්වැටිය දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතේ අංක 37/1 වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසනවා.

මෙම කුරුඳු දුම්වැටිය නිෂ්පාදනය කිරීම පිටුපස දුම්කොළ කර්මාන්තය සිටින අතර කුරුඳු දුම්වැටිය භාවිතය සඳහා ඉලක්ක කර ඇත්තේ මෙරට දුම් නොබොන සියයට අසූ හතරක් වන කාන්තාවන් සහ පාසල් ළමයින් බවද සභාපතිවරයා පැවසුවා.

කුරුඳු දුම්වැටිය මගින් වක්‍රාකාරයෙන් දුම් පානය නොකරන අයට දුම්බීමට පෙලඹවීමක් සිදුකරන බවද සභාපතිවරයා පවසනවා.

එසේම මේ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊට අදාළ ආයතනවලට දැනුම් දී ඇති බවත්, එහි ප්‍රතිඵල අනුව මෙම කුරුඳු දුම්වැටිය සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නා බවත් ඔහු සදහන් කළා.

පුවත යවන්න