කුරුළු උණ(H5N8) මිනිසාට වැළදුණත් වසංගත අවදානමක් නෑ / ලෝක සෞඛ්‍ය සංවිධානය

H5N8 කුරුළු උණ මිනිසුන්ට ආසාදනය වන බව පසුගියදා හඳුනාගනු ලැබුවද එය මිනිසා අතර පැතිරයාමේ අවදානම ඉතා අවම බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
රුසියාවෙන් ආසාදිතයන් 7 දෙනකු හදුනාගැනීම පිළිබද අධ්‍යයනය කිරීමෙන් පසු ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන්නේ එහි වසංගත අවදානමක් නොමැති බවයි.
2009 වසරේදී H1N1 කුරුළු උණ ලෝකය පුරා පැතිර ගිය අතර එය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමටයි පියවර ගනු ලැබුවේ.
එහෙත් H5N8 වෛරසය හරහා එම අවදානම අවම බවයි පර්යේෂකයන් අනාවරණ කළේ.
ඉතිහාසයේ මුල්වරට එම වෛරසය මිනිසාට වැළදෙන බව හෙලිකර ගැණුනේ රුසියාවෙන් හමුවූ ආසාදිතයන් මගිනුයි.
ඔවුන් සියලු දෙනා මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා.
මේ පිළිබද තවත් අධ්‍යයනය කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

පුවත යවන්න