කුවේට් එයාර්වේස් සමාගම එළඹෙන සතියේ ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
අදාළ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දේශීය නියෝජිත ආයතන විසින් හිඟ මුදල් ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
රටතුළ උද්ගතව ඇති ඩොලර් අර්බුදය මෙයට හේතුවී ඇති බවද අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන්.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සීමා කළ අතර එහිදී සතියකට එක් ගුවන් යානයක් පමණක් පියාසර කෙරුණා.
ශ්‍රී ලංකාවේ සිට බටහිර ආසියානු රටවල් සහ ගල්ෆ් රාජ්‍යයන් වෙත විදෙස්ගතවන ශ්‍රමිකයන් මෙම ගුවන් සේවය වැඩි වශයෙන් භාවිත කරමින් පවතිනවා.