කෘතීම ලේ අත්හදාබලයි

එක්සත් රාජධානිය, කෘතීමව නිපදවනු ලැබූ රුධිරය එරට පර්යේෂකයින් කණ්ඩායමක් විසින් අත්හදාබලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී රසායනාගාරයක් තුළදී වැඩිදියුණුකරන ලද රුධිරය මිනිස් සිරුරට එක්කළ බව පර්යේෂකයින් වැඩිදුරටත් පවසා තිබේ.

මෙලෙස කෘතීමව නිපදවනු ලැබූ රුධිරය මිනිස් සිරුරට එක්කිරීම සිදුකර ඇත්තේ ලොව ප්‍රථමවරටය. පර්යේෂකයින් පවසන්නේ ඒ අනුව කෘතීමව නිපදවනු ලැබූ රුධිරය සුළු ප්‍රමාණයක් මිනිස් සිරුරට එකතු කර ඇති බවය. එම කෘතීමව නිපදවනු ලැබූ රුධිරය මිනිස් සිරුර තුළ ක්‍රියාකරන ආකාරය පරීක්ෂණයේදී විමර්ශනය කරනු ලබයි.

මෙලෙස කෘතීමව රසායනාගාර තුළ රුධිරය නිෂ්පාදනය කිරීමේ අරමුණ, දෛනිකව රුධිර පාරවිලයනය සිදුකරන පුද්ගලයින්ට හිඟයකින් තොරව රුධිරය සැපයීම යැයිද එහිදී දුර්ලභ ඝනයේ කෘතීම රුධිරය නිෂ්පාදනය සඳහා මූලිකත්වය දීමට නියමිත යැයිද එම පර්යේෂකයෝ පවසති.

පුවත යවන්න