කෘනාල් පාණ්ඩයාගේ ආශ්‍රිතයන්ට කොරෝනා නෑ / දෙවන T20 තරඟය අද පස්වරුවේ

‘කොවිඩ්’ ආසාදිත ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩයාගේ ආශ්‍රිතයන් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සෙසු කිසිඳු ක්‍රීඩකයකුට හෝ නිලධාරියකුට ‘කොවිඩ්’ ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රතිඵලවලින් තහවුරු වී තිබෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගත් සේවකයාගේ ආශ්‍රිතයන්ට ද ‘කොවිඩ්’ ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරීක්‍ෂණවලින් තහවුරු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු අනාවරණ කළා.

එම ප්‍රතිඵල අනුව දෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගය අද (28) පස්වරුවේ පැවැත්විමට නියමිතයි.

පුවත යවන්න