රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට තමන් සම්බන්ධ බව ඔප්පු වුවහොත් සිය අමාත්‍ය ධූරවලින් ඉවත් වන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
“කවුරු හරි කියනවා නම් මේකට අරුන්දික ඇමතිතුමා සම්බන්ධ යි, අරුන්දික ඇමතිතුමා දැනුවත්ව යි ගියේ, අරුන්දික ඇමතිතුමාගේ දැනුවත් වීම මත මේක සිද්ධ වුණා කියලා, මේ ගැන පරීක්ෂණයක් කරන්න. එහෙම එකක් කරලා ඔප්පු කළොත් මම අනිවාර්යයෙන් ම මගේ අමාත්‍ය ධූරවලින් අයින් වෙනවා. මම හැම දා ම ත් සාධාරණය පැත්තෙන් වැඩ කරපු කෙනෙක්. කවදාවත් පොලිසියකවත් මගේ නමක් ගෑවිලා නැහැ. මම කිසි ම ඒ විධියේ වැරද්දක් කරපු කෙනෙක් නෙවෙයි. මගේ දේශපාලන ජීවිතය ම එහෙම යි.”