කොරෝනාවෙන් බේරෙන්න රට වසා දමන්න / වෛද්‍ය සංගමය ජනපතිට ලියයි

කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා රට වසා දැමිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දුන් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

පසුගිය 11 වන දා මෙම තීරණය ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දැන්වූයේ යයි එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

සෞඛ්‍ය අමාත්‍යවරියටත්, සෞඛ්‍ය ලේකම්වරයාටත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් මේ බව දැනුම් දුන් බවයි ඇය පැවසුවේ.
කෙසේ වෙතත් අමාත්‍ය චන්න ජයසුමන මහතා පසුගියදා පැවසුවේ රට වසා දමන්නැයි සෞඛ්‍ය අංශ විසින් මෙතෙක් ඉල්ලීමක් කර නොමැති බවයි.

පුවත යවන්න