කොරෝනාවෙන් යළි බලපෑමක් විය හැකියි -විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

කොරෝනා වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් ගෙන ඇති සෞඛ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යාම ඉතා වැදගත් බව පරිසර ආමාත්‍යංශයේ ලේකම් , විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

පරිසර අමාත්‍යාංශ පරිශ්‍රය තුළ කොවිඩ් තත්ත්වය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සම්බන්ධව නිලධාරින් දැනුම්වත් කරමින් අනිල් ජාසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

”කොව්ඩ් වෛරසයේ මේ වනවිට යම් පාලනයක් තිබුනත් එය නැවත ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකියි. ඒ නිසා වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝවීම පාලනය කිරීම සඳහා අනුගමනය කළ යුතු සියලු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි” යැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.

පුවත යවන්න