පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අසල්වැසි ඉන්දියාව ඇතුළු ආසන්න රට වලින් සංක්රමණිකයින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මුහුදු මාර්ග ඔස්සේ ධීවර යාත්රා උපයෝගී කර ගනිමින් මෙසේ මෙරටට පැමිණීමට හැකියාව පවතින බවයි.
විශේෂයෙන් බහුදින ධීවර යාත්රා සහ උතුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර යාත්රා මේ පිළිබඳව වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.
ඒ අනුව අනවසර සංක්රමණිකයින් ප්රවාහනය කරන හෝ විදේශිකයින් හට මෙරටට ඇතුළුවීමට තම ධීවර යාත්රා වලින් පහසුකම් සපයන ධීවර කාර්මිකයින් හා යාත්රා හිමිකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරුනු ඇති.
එමෙන්ම එම යාත්රා සඳහා ධීවර කටයුතුවල යෙදීමට ලබා දී ඇති සියලුම බලපත්ර අවලංගු කිරීමට ද කටයුතු කරන බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළා.