කොරෝනා මර්දන එන්නතට එරෙහි ප්‍රංශයේ විරෝධතා උත්සන්න වී තිබෙනවා.
සෞඛ්‍ය සේවකයන් හට කොරෝනා මර්දන එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීමත්, සාප්පු සංකීර්ණ ඇතුලු අනෙකුත් සේවා ස්ථාන වෙත ඇතුලුවීමට කොවිඩ් 19 එන්නත ලබා ගත් බවට සඳහන් සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම විරෝධතාවලට හේතුවී තිබෙනවා. විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා කදුලු ගෑස් මෙන්ම ජල ප්‍රහාර ද එල්ල කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට 2000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සහභාගි වන උත්සවයක් වෙත කඩාවැදුනු උද්ඝෝෂකයින් පවසා සිටින්නේ රජය ඉදිරිපත් කළ මෙම යෝජනාවලිය ඔවුන් දැඩි ලෙස හෙළා දකින බවයි.