කොරෝනා එන්නත ගත් අයට ආසාදනය වීමේ හැකියාව සියයට 50 යි

කොරෝනා මර්දන එන්නතක සම්පූර්ණ මාත්‍රාවන් ලබාගත් පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමේ ප්‍රවනතාව 50%ත් 60%ත් දක්වා අඩු වනු ඇතැයි, බ්‍රිතාන්‍යය සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් පර්යේෂකයන් පවසන්නේ,ඩෙල්ටා වැනි කොරෝනා වෛරස ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීමට එන්නත්කරණය අතිශය වැදගත් බවයි.

රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන්ට වෛරසයෙන් ආරක්ෂා වීමටත්, රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ට ඉහළ සංකූලතාවන්ට පත් වීමේ අගය 59% දක්වා අඩු කිරීමටත්, එන්නත් ඉවහල් වන බව පර්යේෂකයන් පවසයි.

ඒ අනූව, ගෝලීය ප්‍රජාව කුමණ හෝ එන්නතක සම්පූර්ණ මාත්‍රා ලබා ගනිමින් කොරෝනා මර්දනයට දායක විය යුතු බවයි, විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

පුවත යවන්න