කොරෝනා එන්නත හෙට පෙරවරුවේ ලංකාවට / එන්නත් කිරීම අනිද්දා සිට

ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත හෙට මෙරටට රැගෙන ඒමට නියමිත වනවා.
ගුවන්තොටුපොළේ ඉන්දීය ගුවන් සමාගමේ කළමනාකරු සාරනාත් පීරිස් මහතා පැවසුවේ, එන්නත රැගත් ගුවන් යානය හෙට පෙරවරු 11ට මෙරටට පැමිණෙන බවයි.
එමගින් එන්නත් මාත්‍රා 500,000 ක් මෙරටට හිමිවන අතර ඒ ප්‍රදානයක් ලෙසයි.
මේ අතරල ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත මෙරටට ගෙන ඒමත් සමග අනිද්දා (29) සිට එන්නත්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව, කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා.
ඇය සඳහන් කළේ, පළමුවෙන් එන්නත් ලබා දෙන්නේ ආසාදිතයින් සම්බන්ධ ඉදිරි පෙළ කටයුතුවල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු පිරිස් සඳහා බවයි.
සෞඛ්‍යය කාර්ය මණ්ඩලයේ 155,000ක් සඳහා සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ 127,000ක පිරිසක් සඳහා පළමු අදියරේ එන්නත්කරණය සිදු කෙරෙනු ඇති.

පුවත යවන්න