කොරෝනා දත්ත සඟවන බවට PHI සංගමයෙන් රජයට චෝදනා

මෙරට කොරෝනා ආසාදිතයන් හා මරණවලට අදාළ දත්ත පිළිබද යම් සැකයක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
රූපවාහිනී නාලිකාවක් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

“දෛනිකව වාර්තා වන කොවිඩ් – 19 රෝගීන් සංඛ්‍යාවේ සංඛ්‍යා ලේඛන පිළිබඳ යම් යම් පරස්පරතා ඇති ව තිබෙනවා. විශ්වසනීයත්වයෙන් තොර බවට අපට යම් යම් සාධක අනාවරණය වෙනවා. මේ නිසා මහජනතාවත් මේ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් විශ්වසනීයත්වක් නොමැති ආකාරයට තමයි කටයුතු කරන්නේ. ඒ වගේම ඇති වෙන මරණ සම්බන්ධවත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වාර්තා වෙනවා. මේ මරණවල සංඛ්‍යා ලේඛන සම්බන්ධව. මේ වන විට රසායානාගාර පරීක්ෂණ වාර්තාවක් ලැබීම සඳහා අවම වශයෙන් දින 5ක කාලයක් ගතවෙනවා. ඒ වගේම ලංකාවේ ඇතැම් දිස්ත්‍රික්කවල දින 15කට ආසන්න කාලයකුත් ගතවෙන කාලයක් අපිට නිරීක්ෂණය වෙනවා. මේ රසායනාගාර වාර්තා ලබා දීමට ලබාදුන් ඇතැම් පීසීආර් පරීක්ෂණ වාර්තා අස්ථානගත වීම් වාර්තා වෙනවා. මේ අස්ථානගත වුණ තොරතුරු හා කල් පහුවුණු සංඛ්‍යා ලේඛන සමග අපිට තවදුරටත් මේ ගනුදෙනුව කරන්න බෑ කියන එක තමයි පේන්නේ. ඒ නිසා රසායානාගාර සම්බන්ධයෙන් ඉදිරියට විදිමත්ව හා යම් වගකීමකින් කටයුතු කළ යුතුයි යන්න අවධාරණය කරනවා.“

පුවත යවන්න