කොරෝනා නව ප්‍රභේදයක් මෙරට පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොවිඩ් – 19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් මහාචාර්යවරිය සඳහන් කළේ , පළමු, දෙවැනි රැළිවලට වඩා වෙනස් ආකාරයට මෙම නව ප්‍රභේදය හැසිරෙමින් පවතින බවයි.
තව ද මෙම නව ප්රදේභදය කුමක් ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව ද ඇය සදහන් කළා.
එක් අයෙකුගෙන් තවත් 5, 6 දෙනෙකුට වෛරසය බෝවීමේ හැකියාව පවතින බවත් වෛරසය ආසාදනය වන තරුණ ප්‍රජාවට ද දරුණු රෝග ලක්ෂණ මතු වීමේ ප්‍රවණතාවක් ද ඇති බව ඇය එහිදී සදහන් කළා.