කොරෝනා නිසා සුඛෝපභෝගී මගී නෞකාවලට කැනඩාවෙන් තහනමක්

ලබන වසරේ පෙබරවාරි මාසය තෙක් මගීන් 100 කට වැඩියෙන් රැගෙන යාත්‍රා කරන සුඛෝපභෝගී සංචාරක මගී නෞකා තම රටට ඇතූළුවීම කැනඩාව විසින් තහනම් කර තිබෙනවා.
ඒ ලෝකය පුරා පවතින කොරෝනා අවදානම මතයි.
ඒ අනුව දැඩි කොන්දේසි මත පමණක් සංචාරකයන්ට තම රටට ඇතුළුවීමට ඉඩ දෙන බවයි කැනේඩියානු රජය නිවේදනය කළේ.
කොරෝනා වසංගය තවදුරටත් උත්සන්න වුවහොත්, මෙම සීමාව තවත් දැඩි කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර වශයෙන් මතුවන නව කොරෝනා ප්‍රභේද අවදානම කැනඩාවට ඇතුලුවීම වැලැක්වීම ද මෙහි අරමුණක්.
කොරෝනා වසංගතය සමග සුඛෝපභෝගී නෞකා ආශ්‍රිත සංචාරක කර්මාන්තය දැවැන්ත බිද වැටීමකට ද ලක්ව තිබෙනවා.

පුවත යවන්න