අලුත් අවුරුදු කොවිඩ් පොකුර මතු වීමෙන් පසු රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් සම්පූර්ණයෙන්ම පාහේ පිරී ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග අනාවරණ කරනවා.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන මධ්‍යම පළාතේ රෝහල් පහේ ඇඳන් 1200ම මේ වෙනවිට පිරී ගොස් ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා සදහන් කළා.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා පළාතේ තවත් රෝහල් එකොළහක් සූදානම් කරගෙන යන බවත් දැනටමත් රෝහල් දෙකක් සූදානම් කර අවසන් බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා හෙලිකළා.
මධ්‍යම පළාතේ සෑම දිස්ත්‍රික්කයකම අලුතින් ඇඳන් දාහක් සූදානම් කරගෙන යන බවද නිහාල් වීරසූරිය මහතා පවසනවා.
මේ අතර මධ්‍යම පළාතෙන් පෙරේදා( 1)වනවිට කොවිඩ් ආසාදිතයන් නම දහස් හාරසිය හැටක් වාර්තා වී තිබුණා.
කොවිඩ් වැළඳීමෙන් මධ්‍යම පළාතේ මියගොස් ඇති සංඛ්‍යාව 95ක්.
මේ අතර කොවිඩ් රෝගීන් ඉහළ යෑම නිසා අංගොඩ බෝවන රෝග විද්යායතනද රෝගීන්ගෙන් පිරී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සදහන් කළා.
කෙසේ වෙතත් අලුතින් රෝගීන් භාරගැනීමට කිසිදු බාධාවක් නැති බවයි ඔහු පැවසුවේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන රෝහල්වල සියලු ඇඳන් මේ වන විට පිරි ගොස් තිබෙනවා.
කොවිඩ් ආසාදිතයන් හතළිස් දෙනකු නිවෙස්වල පසුවන බවත් ඔවුන්ට ද රෝහල් පහසුකම් සපයාදීමට කටයුතු කරගෙන යන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා කියා සිටියා.
උඳුගොඩ රෝහලේ රෝගීන් එකසිය තිස් දෙනෙකු ද රඹුක්කන රෝහලේ රෝගීන් අසූ දෙනකු ද බෙලිගල රෝහලේ රෝගීන් හැත්තෑ දෙනකු ද වරකාපොල රෝහලේ රෝගීන් දෙසිය පනස් දෙනෙකු ද පින්නවල රෝහලේ තුන්සිය තිස් දෙනකු ද කිතුල්ගල රෝහලේ එකසිය හතළිස් දෙනෙකුද දැනට ප්‍රතිකාර ලබමින් පසුවනවා.