ඉන්දියාවේ මතුව ඇති ව්‍යසනකාරී තත්ත්වය තුල එරටට ආධාර ලබාදීම සඳහා විදෙස්ගත ඉන්දියානුවන් මහා පරිමාණයෙන් කටයුතු කරමින් ඇතැයි , කාලීජ් ටයිම්ස් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ඩුබායි රාජ්‍යයේ රැදී සිටින ඉන්දියානුවන් ඉන්දියායේ කෝවිඩ් අරමුදලට දැවැන්ත මුදල් දායකත්වයක් සපයා ඇති බවද එම පුවත්පත වාර්තා කළා.
මේ වන විට අත්‍යාවශ්‍යව පවතින ඔක්සිජන් හා වෛද්‍ය පහසුකම් ලබාදීම මෙම අරමුදල් සැපයීමේ අරමුණයි.
මේ වන විටත් අමෙරිකාව, චීනය ,රුසියාව ඇතුලු රටවල් ගණනාවක්ම ඉන්දියාවට වෛද්‍ය සැපයුම් ලබා දෙමින් පවතිනවා.
කෙසේ වෙතත් ඉන්දියාවේ වසංගත අවදානම මේ වන විටත් පාලනය කළ නොහැකි මට්ටමක පවතින බවයි අදාළ වාර්තා සදහන් කළේ.