කොරෝනා මර්දනය සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට රජය පියවර ගත යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අනෙක් සෑම රටකම එවැනි කමිටු පවතින බවයි. අදාළ කමිටු ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ ක්‍රියාත්මක වන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.
අද වන විට කොරෝනා ආසාදනයෙන් බොහෝ පිරිසක් මියයන බවත් අදාළ දත්ත තුළද ගැටළු පවතින බව රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.
රටතුළ පවතින වත්මන් කොරෝනා ව්‍යාප්තිය පිළිබද ප්‍රකාශයක් සිදුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළා.