කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන්වල කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, කළුබෝවිල රෝහලේ ද ඔක්සිජන්වල කිසිදු හිඟයක් නොමැති බවයි.
මේ වනවිට මෙරට තුළ මෙඩිකල් ඔක්සිජන් ලබාදෙන කර්මාන්ත ශාලාවලින් ඔක්සිජන් ලබා දීමේ කිසිදු අඩුවක් සිදුව නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා.