කොරෝනා වසංගතයේ ආරම්භය ගැන යළිත් සැකයක්

කොරෝනා වෛරස වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් සත්‍ය සැඟවූ බවට චීනයට එල්ලවන චෝදනාව යළි අවධානයට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ වසංගතයේ ආරම්භය සොයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් චීනයට පැමිණි පසුවද මේ සම්බන්ධයෙන් විවිධ සාක්ෂි ඉදිරිපත්වීම ඇරඹී ඇති බවයි.
ඇටෝසා චිකිත්සක සමාගමේ කොවිඩ්19 චිකිත්සක වැඩසටහන් දෙකක ප්‍රධානී, ස්ටීවන් ක්වේ පවසන්නේ මේ වන විට එම සංවාදය දැඩිව ඉදිරිපත් වෙමින් පවතින බවයි.
ඒ අනුව වූහාන් හී මුහුදු ආහාර වෙළඳසල මෙන්ම ආන්දෝලනාත්මක වූහාන් වෛරස විද්‍යාගාරය ද පූර්ණ විමර්ෂණයකට ලක් විය යුතු බවයි ඔහු පවසන්නේ.
එරටින් වාර්තාවූ පේෂන්ට් සීරෝ ලෙස හදුන්වන පළමු ආසාදිතයා වාර්තාවී තිබුණේ මුහුදු ආහාර වෙළඳපොලෙන් වන අතර එය අතිශය අපිරිසිදු නීති විරෝධී තෙත් වෙළඳපොලක් ලෙස පිළිගෙන තිබෙනවා.
විද්‍යාගාර සතුන් විවෘත වෙළඳපොළට ඇතුළුවීම තහනම් කරමින් පනවා ඇති නව චීන ජෛව ආරක්ෂණ නීතිය ද මෙම සැකය වර්ධනය කරන බවයි ප්‍රකාශවන්නේ.
රසායනාගාර සතුන් වෙළඳපොළට ඇතුළුවීම තහනම් කිරීමෙන් පෙනී යන්නේ ඔවුන් මීට පෙර වෙළඳපොළට පැමිණ ඇතැයි යන සාධකය බවද මෙහිදී ප්‍රකාශ වනවා.
ඒ අනුව විද්‍යාගාර පර්යේෂණ සදහා භාවිත කළ වෛරස සහිත සතුන් වෙළදපලට පිවිස ලෝකය පුරා දැවැන්ත වසංගතයක් නිර්මාණය කළ බව ද මෙහිදී උපකල්පනය කර තිබෙනවා.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයට බාධාවකින් තොර පරීක්ෂණයකට ඉඩ දුනහොත් මෙහි සත්‍ය හෙළිවනු ඇති බවයි පර්යේෂකයන් පවසන්නේ.

පුවත යවන්න