කොරෝනා වැඩිවුණත් යළි ලොක්ඩවුන් නෑ / හමුදාපති

කෙරෝනා ව්‍යාප්තිය හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාපතිවරයා පැවසුවේ, මේ මොහොතේ සියලුම රටවැසියන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශය කරුණක් බවයි.

මේ අතර සමාජය තුළින් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සදහන් කළා.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 1331 දෙනෙකු ඊයේ(06) මෙරටින් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 618, 520ක්.

තවත් කොරෝනා මරණ 23 ක් ඊයේ දිනයේ වාර්තා වූ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ පෙරේදි දිනයේ තහවුරු කළ බවයි.

පුවත යවන්න