දෙසිය ගණන් එනන්නත් මධ්‍යස්ථාන ක්‍රියාත්මක බවට සඳහන් කළ ද එම ඇතැම් එන්නත් මධ්‍යස්ථානවලට නිසි වේලාවට එන්නත් නොලැබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානි, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසයි.
”එන්නත් බෙදා හැරීම පිළිබඳව ගැටලු තියෙනවා. අද උදෙත් මට වාර්තා වුණා. මේ දෙසිය ගණන් එනන්නත් මධ්‍යස්ථාන තියෙනවා කිව්වට ඒ මධ්‍යස්ථාන සමහර එන්නත් මධ්‍යස්ථානවලට වේලාවට එන්නත් ලැබෙන්නේ නෑ”
මේ වන විට රට තුළ දෙවැනි එන්නත ලබා දී ඇත්තේ, 28 % ක ප්‍රමාණයකට බව ත් එක එන්නතක් ලබා ගැනීම මේ වෙලාවේ මේ රෝගයෙන් බේරී සිටීමට ප්‍රමාණවත් නැති බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.
”කොළඹ 58% ක්. ගම්පහ 48% ක්. කලුතර 44% ක්. සහ මාතලේ 34% ක්. අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක ඊට වඩා අඩුයි. හම්බන්තොට 21% යි ගාල්ල 12% යි මාතර 16% යි රත්නපුර 9% යි. කුරුණෑගල 9% යි. මහනුවර දිස්ත්‍රික්කයේ 2.5% යි.”
මේ අතර කොවිඩ් ආසාදිතයින් පිළිබඳ රජයේ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු පැවසුවේ, දත්ත ඉදිරිපත් කිරීමේ බරපතළ සැක සහිත තැන් පවතින බවයි.
”මේ වෙන කොට වසංගත රෝග විද්‍යා අංශය 2420 ක් විදියට රෝගීන් වාර්තා කරන කොට ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඔපරේෂන් රූම් එක වාර්තා කරනවා ඊට වඩා වැඩි සංඛයාවක්. ආසන්න වශයෙන් 5500 ක විතර රෝගීන් සංඛයාවක් ඉන්නවා කියලා සෞඛ්‍ය අමාත්‍යංශයේම ඔපරේෂන් රූම් එක වාර්තා කරනවා. අපි විශ්වාස කරන්නේ නෑ 1500 ක විතර වෙනසක් මේ වෙලාවේ තියෙන්න පුළුවන් කියලා. ඒක තමයි අපි හිතන්නේ දත්තයන් පිළිබඳව බරපතළම ගැටලුවක් තියෙනවා”