කොවිෂීල්ඩ් එන්නතේ  දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ  දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත මෙන්ම මොඩර්නා එන්නත ද යොදා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

මේ අතර ෆයිසර් එන්නත් මාත්‍රා 78,000 ක් අදියර තුනක් යටතේ ලබන මාසයේ මෙරටට ලැබීමට නියමිතයි.

ජූලි 5, 12 සහ 19 යන දිනවල ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 බැගින් මෙරටට ලැබෙන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ද ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000 ක් ලැබෙන බව ද ඔහු එහිදී සඳහන් කළා.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව නවලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිස් දෙනෙකුට ලබාදී ඇති අතර, දෙවන මාත්‍රාව ලබාදීම සඳහා තවත් එන්නත් ලක්ෂ හයක හිඟයක් පවතිනවා.

එම හිඟ එන්නත් සඳහා ෆයිසර් එන්නත භාවිත කිරීමට අදාළව අවසන් නිර්දේශ මෙම සතියේදී බෝවන රෝග පිළිබඳ කමිටුව විසින් ලබාදීමට නියමිත බවයි අද පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ.

පුවත යවන්න