කොළඹ නගරය තුළ අද දිනයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ බස්නාහිර පළාතම ආවරනය වන පරිදි මෙය ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කරන බවයි.
ගාලුමුවදොර ප්‍රදේශයේ විශේෂ ස්ථානයක රථගාල් සකස්කර ඇති අතර රාත්‍රිය පුරා රථවාහන පොලිස් නිලධාරීන් රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බවයි ඔහු සදහන් කළේ.
විශේෂ මාර්ග බාධක යෙදවීමට සැලසුම්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.
වර්ෂාවසාන දිනය නිසාවෙන් බොහෝ ජනතාව අද දිනය තුළ එය සැමරීමට කටයුතු කිරීමත් සමග ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති.
මහජනතාවට හිරිහැර වන අයුරින් හැසිරෙන පුද්ගලයන් සෙවීම සඳහා කොළඹ නගරයේ ස්ථාන රැසක බුද්ධි නිලධාරීන් අනුයුක්ත කිරීමට ද පොලිසිය පියවර ගෙන තිඛෙනවා.