කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් මට්ටම පහතට

කොළඹ නගරයේ වායුගෝලයේ පවතින ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව නවතම පරීක්ෂණ අනුව අනවරණයවී තිබෙනවා. පරිසර අමාත්‍යාංශය පවසන්නේ මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව එක්ව කොළඹ නගරයේ ඔක්සිජන් මට්ටම වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ බවයි.
ඒ අනුව කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිතයි.
කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය විශේෂඥ හා තාක්ෂණික සහාය ලබාදෙන ලෙස නාගරාධිපතිනි රෝසි සේනානනායක මහත්මිය විසින් ඉල්ලීමක් කළ බවද පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.

පුවත යවන්න