කොළඹ – මහනුවර මාර්ගය කඩවත පොලීසිය ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම් හල අසලින් අවහිර කර තිබේ.
ඒ, පෞද්ගලික බස් ඇතුළු වාහන රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසක් විසිනි.
ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට අවශ්‍ය කරන ඉන්ධන ලබාදෙන ලෙසයි.
දින තුනක සිට රියැදුරන්ට ඉන්ධන නොලැබීම හේතුවෙන් කෝපයට පත් රියැදුරන් වෙනත් විකල්ප නැතැයි පවසමින් මෙසේ ප්‍රධාන මාර්ගය අවහිර කර ඇත.
ඒ අනුව මහනුවර දෙසින් කොළඹට පැමිණෙන සියලු වාහන කඩවත නගර මධ්‍යයෙන් විකල්ප මාර්ග හරහා ගමන් කරවීමට පොලීසිය පියවර ගෙන තිබේ.