පසුගිය සෙනසුරාදා සවස බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ප්‍රසිද්ධ නිමි ඇඳුම් වෙළඳසැලක මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.
එම නිමි ඇඳුම් වෙළඳසැලේ රථ ගාලේ සිය වාහනය නවතා ඇඳුම් මිලිදී ගැනීමට පැමිණි පාරිභෝගික යුවලක් සිය අවශ්‍යතාවය ඉටුකර ගැනීමෙන් පසුව නැවත ඉන් පිටව යෑමට පැමිණි අවස්ථාවේදී එහි රථ ගාලේ නවතා තිබු සිය වාහනය අවහිර වන ලෙස තවත් වාහනයක් නවතා ඇති බව දැක ඒ බව අසල සිටි ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
අවස්ථා කිහිපයකදී වාහනය ඉවත් කර ගන්නා ලෙසට අනෙක් වාහනයේ රියැදුරු දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියද එම වාහනය ඉවත් කර ගැනීම ප්‍රමාද වූ බවයි අදාළ යුවල පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
ඇතිවූ ප්‍රමාදයත් සමග ඇඳුම් මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයා සහ එම නිමි ඇඳුම් වෙළඳසැලේ සේවකයින් බහින්ස්බස්වීමක් ඇතිවී තිබෙන අතර පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවයි පොලිසිය සසඳහන් කළේ.
සමාජ මාධ්‍ය තුල හුවමාරු වන එම ගැටුමේ වීඩියෝව පහතින් :