ඊයේ (08) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,896 ක් වාර්තා වුණා.
ඊයේ (08)දිනයේ දී අලුතින් හදුනාගත් ආසාදිතයින් 1,896දෙනා අතුරින් 06 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අයයි.
ඉතිරි 1,890 දෙනා මෙරටින් හදුනාගෙන තිබෙනවා.
ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම පිරිස 411 වනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන්347 දෙනෙකු ද කළුතරින් 358දෙනෙකු ද වාර්තා වනවා.
මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 123,234 දෙනෙකු වනවා. මේ අතුරින් 103,098 නෙකු සුවය ලැබුවා. 19,350 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.