ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය අද සහ හෙට

බලශක්ති ඇමැති  උදය ගම්මන්පිලට එරෙහිව  විපක්‍ෂය ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව අද (19දා)  සහ හෙට (20දා) රැස්වෙයි.

මෙම දින දෙකෙහිම පාර්ලිමේන්තුව පෙරවරු 10ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා සැසිවාරය අඛණ්ඩව පැවැත්වෙන අතර දිවා ආහාරය දහවල් 12.30 සිට දහවල් 1.30 දක්වා පැවැත්වේ.

වාචික ප්‍රශ්න කාලයක් නොමැතිව පළමු දින විවාදය දිගටම කරගෙන යනු ලබන අතර  දෙවැනි දිනය උදේ 10 සිට 11 දක්වා වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

මේ අතර 20 වැනි දින සවස 5.30ට ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

පුවත යවන්න