ගාල්ලේ පාසලක පන්ති දෙකක් තාවකාලිකව වැසෙයි

ගාල්ල කලේගානේ ප්‍රදේශයේ පාසලක පන්ති කාමර දෙකක් තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ එම පාසලේ ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකුගේ පියෙකු කොරෝනා ආසාදිත බව හඳුනා ගැනීම සමගයි.
ඒ අනුව 01 වැනි ශ්‍රේණිය හා 05 වැනි ශ්‍රේණියේ පන්ති දෙකක් මෙසේ වසා දමා තිබෙනවා.
ආසාදිත පුද්ගලයා මාතර යටියන ප්‍රදේශයේ රජයේ කාර්යාලයක නිලධාරියෙකු වන අතර අහඹු පරීක්ෂණයකට අනුවයි ඔහු ආසාදිතයකු බව හදුනාගෙන තිබුණේ.
පෙරේදා දිනයේදී එම දරුවන් පාසල් පැමිණ ඇති අතර මෙම තැනැත්තා ආසාදිත බව පාසලට දන්වා තිබුණේ ඊයේ දිනයේදීයි.
අදාළ පන්ති දෙකෙහි ගුරුවරුන් සහ එම දරුවන් දෙදෙනාගේ ආශ්‍රිතයන් වූ අනෙක් සිසු සිසුවියන්ට ද නිවෙස්වලම රැදී සිටින්නැයි උපදෙස් නිකුත් කර තිබෙනවා.

පුවත යවන්න