ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් පුරා දින 24 ක් අඛණ්ඩව විරෝධතාව පැවැත්වෙන ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසළ වේදිකාවක් ඉදිරිකිරීම වැලැක්වීම සඳහා පොලිස් කැරළි මර්ධන ඒකකය අද කැදවා තිබුණා
කෙසේ වෙතත් විරෝධතාවයේ යෙදී සිටින පිරිසගේ විරෝධය හමුවේ පොලිස් කැරළි මර්ධන ඒකකය ඉවත් ගිය බවත් විරෝධතාවක් පොලිසියේ අවසර ලබාගෙන කරන තත්වයක් කිසිඳු රටක නොමැති බවත් විරෝධතාකරුවෝ අවධාරණය කළා