ගැබිනි මව්වරුන් 70 දෙනෙකුට කොරෝනා

කොවිඩ් වසංගත ආසාදනය වූ ගර්භණී මව්වරුන් 70 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසනවා.

පැතිර යන කොවිඩ් වසංගතයේ නව ප්‍රභේදය හේතුවෙන් දරුවන් සහ ගර්භණී මව්වරුන් ඊට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

දරුවන් සඳහා නිවසේදී සාදන ලද ආහාර පමණක් ලබාදෙන ලෙස විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ඉල්ලීමක් කරන අතර ඇය පවසන්නේ අලුත් පළතුරු සහ එළවළු මෙන්ම විටමින් සී බහුල ආහාර දරුවන්ට ලබා දී ඔවුන්ගේ ප්‍රතිශක්තිය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර කොවිඩ් ආසාදිතයෙකු තවමත් රෝහල වෙත ගොස් නොමැතිනම ඒ පිළිබදව 1906 දුරකථන අංකය අමතා දැනුම්වත් කරන ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පුවත යවන්න