අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම් පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය බල රහිත කර තිබේ.
මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සහ උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් අධිකරණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම නීතිය ගෙන ඒමට හේතු වූයේ බාලවයස්කාර දරුවන්ගේ සුභසිද්ධිය හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා බවය.
සිවිල් සංවිධාන සහ වෙනත් පාර්ශවයන් එහිදී පෙන්වා දී ඇත්තේ මෙවැනි නීතියක් සම්පාදනය කිරීමේදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන අයිතිය පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් වියයුතු බවය.
මේ පිළිබඳව සලකාබැලීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍ය අලි සබ්රී මහතා විසින් එම අමාත්‍යංශයට අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසට දැනුම්දී තිබේ.
එහිදී අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ සිවිල් සංවිධාන, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, අපරාධ නීති ප්‍රතිසංස්කරණ අනු කමිටුව සහ මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අදහස් ලබාගැනීමෙන් අනතුරුව සංශෝධිත පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය වෙත නැවත ඉදිරිපත් කරන ලෙසය.