ගෑස් අශ්‍රිත පිපිරීම් සහ අනතුරුවලට වන්දි ගෙවනවාද ?

ගෑස් ආශ්‍රීතව සිදුවු පිපිරීම් සහ අනතුරු සම්බන්ධයෙන් වන්දි ගෙවීමක් සිදුකළ නොහැකි බව ලිට්‍රො සමාගම පවසනවා.

කෙසේවෙතත් වන්දී ගෙවීම පිළිබද කාරණය නීතිමය කටයුත්තක් බවයි එහි සභාපති තෙෂාන් ජයසිංහ මහතා සදහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ගෑස් නිෂ්පාදනයට අදාළව යම් සිදුවීමක් වාර්තා වන්නේ නම් ඊට රුපියල් මිලියනයක රක්ෂනාවරණයක් හදුන්වාදී ඇති බවයි සභාපතිවරයා සදහන් කළේ.

එමෙන්ම ගෑස් සංයුතියේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත් ජනතාව අනිසි බියක් ඇතිකර නොගතයුතු බවත් ලිට්‍රො සභහපතිවරයා ප්‍රකාශ කළා.

පුවත යවන්න