ගෑස් සැපයීම තවදුරටත් සිදු කෙරෙන්නේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්රෝ සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ, ලබන 07 වැනිදා තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද වෙළෙඳපොළට නිකුත් නොකෙරෙන බවය.
මේ මාසය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු පැවසුවේ ය.
එහි පළමු නෞකාව ලබන 06 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.