ගෑස් සිලින්ඩර අලවියේ පැහැදිලි අවම වීමක්

ගෑස් සිලින්ඩර අලෙවියේ අඩුවක් පවතින බව ඇතැම් ප්‍රදේශවලින් වාර්තාවනවා කෙසේ වෙතත් පරීක්ෂා කිරීම්වලින් අනතුරුව ගෑස් සිලින්ඩර මේ වන විට වෙළදපොලට නිකුත් කර තිබෙනවා.

මේ අතර දෙසැම්බර් හතර වනදාට පෙර බෙදා හැරි මේ වනවිට නිවෙස්වල සහ වෙළෙදසැල් වල ඇති භාවිත නොකළ ගෑස් සිලින්ඩර වහාම යළි ගෙන්වා ගන්නා ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය ලිට්රෝ ගෑස් සමාගමට දන්වා තිබෙනවා.

දිවයිනේ ස්ථාන කීපයකින් තවත් ගෑස් ආශ්‍රිත සිදුවීම් කීපයක්ම වාර්තා වුණා.

මෙම සිදුවීම් හමුවේ වෙළෙදපොළට නිකුත් කෙරෙන  ගෑස් සිලින්ඩර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් පසුගියදා පරීක්ෂාවට ලක් කළා.  ඉන් අනතුරුවයි තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත කොන්දේසි 3 කට යටත්ව ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළද පොළට නිකුත් කිරීම ආරම්භ වුණේ.

මෙලෙස වෙළෙදපොළට නිකුත් කෙරෙන නව ගෑස් සිලින්ඩර  හදුනා ගැනීම සදහා ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. ඒ ගෑස් සිලින්ඩර භාවිත කිරිමට පෙර ඉවත් කරන පොලිතින් ආවරණයේ වර්ණය වෙනස් කරමින්. ලිට්රෝ ගෑස් සිලින්ඩරයේ පොලිතින් ආවරණය සුදු පසුබිමේ රතු ලාංජනය සහිතවත් ලාෆ් ගෑස් සිලින්ඩරවල පොලිතින් ආවරණය කහ පසුබිමේ නිල් වර්ණය ලෙසත් වෙනස් කර තිබෙනවා.

පුවත යවන්න