මුහුදු පත්ලේ හටගත් ගිනි කදු පිපිරීමෙන් පසු සුනාමි තත්ත්වයක් බලපෑ ටොංගා දූපත් කලාපයේ තත්ත්වය මෙතෙක් අනාවරණවී නොමැති බව බී බී සී පුවත් සේවය පවසනවා.
ඒ අනුව , දූපත් 170කින් යුක්ත ටොංගා ඒ බොහෝ දූපත් පිළිබද නිල තොරතුරු වාර්තා නොවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.
මුහුදු පත්ලේ සබ්මැරීන කේබල් /සන්නිවේදන හා අන්තර්ජාල කේබල් විනාශවී පැවැතීමත් ටොංගා දූපත්වල දේපල හානි බහුලවීමත් මේ සදහා බලපා තිබෙනවා.
ප්‍රධාන දූපතේ ජීවිත හානි එකක් පමණක් වාර්තා වූ අතර බ්‍රිතාන්‍ය ජාතික සමාජ සේවිකාවක් එසේ සුනාමි තත්ත්වය සමග අතුරුදන්ව තිබුණා.
ඇය සුනාමි රළ පහරට හසුවූ බවටයි මේ දක්වා නිකුත් කළ වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ.
නවසීලන්තය විසින් ටොංගා දූපත් හී තත්ත්වය නිරීක්ෂණයට යොමුකළ යානය ගිනි කන්දේ බාධා මත යළි හැරී විත් තිබූ අතර එම දූපත් කලාපයේ විනාශ විනාශයක් සිදුව ඇති බව ද නවසීලන්තය සදහන් කළා.
මේ අතර පුපුරාගිය ගිනි කන්දේ නවතම තත්ත්වය හදුනා ගැනීමටද විද්‍යාඥයන්ට බාදා මතුව තිබෙනවා.
ඒ අලු හා දුවිලි වලාවන් ටොංගා දූපත් කලාපය ආසන්න අවකාශය ආවරණය කර තිබීම මතයි.
පෙරේදා දිනයේදී වාර්තා වූ ගිනි කදු පිපිරීමෙන් හා සුනාමි තත්ත්වයෙන් රටවල් ගණනාවකට බලපෑම් එල්ල වුණා. ජලානයට මෙහිදී මීටර 3ක පමණ සුනාමි තත්ත්වයක් බලපෑ අතර චිලි රාජ්‍යය වෙත මීටර 2කට ආසන්න සුනාමි තත්ත්වයක් බලපා තිබුණා.
කෙසේ වෙතත් ටොංගා දූපත් කලාපයට සුනාමි තත්ත්වය අඩි 4ක් පමණ බලපා තිබුණද ගිනි කන්දේ පාෂාණ හා ගෑස් නිකුත්වීම තුල බරපතල හානියක් සිදුවූ බවයි ප්‍රකාශ වන්නේ.