ගිලන් රථ මදි /ආසාදිතයන් ප්‍රවාහනයට පුද්ගලික අංශයේ වාහන ඉල්ලයි

කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීම සඳහා පෞද්ගලික අංශයේ වාහන ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, දැනට පවතින ගිලන් රථ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.
මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පළාත් සභා මගින් ලබා දීමට නියමිත බව ද අමාත්‍යවරිය පැවසුවා.

පුවත යවන්න