ගුරුවරුන් අදත් ඕෆ්ලයින් / වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිගටම

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති Online ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ගුරු වෘත්තීය සමිති පවසයි.

ඒ, ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට මෙතෙක් රජයෙන් සාධනීය විසඳුමක් නොලැබීම හේතුවෙන් ය.

වැටුප් විෂමතා ප්‍රශ්නය විසඳෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ය.

ගුරුවරුන් Online අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව අදට දින 06 කි.

කෙසේ වෙතත් ගුරුවරුන් ආරම්භ කර ඇති Online ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා සිසුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටී.

මේ අතර නිරෝධායනවට යොමු කර සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාර්ලින් මහතා ඇතුළු 16 දෙනා ඊයේ රාත්‍රීයේ මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව නිවෙස් වෙත පැමිණියේ ය.

නිරෝධායනයට යොමුකර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු 06 දෙනෙකු ද ඊයේ (16) පස්වරුවේ පල්ලේකැලේ සමූපකාර අධ්‍යාපන හා පුහුණු ආයතනයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගියේ ය.

පුවත යවන්න