ගුරු වෘත්තීය සමිති හා වෙනත් ක්ෂේත්රවල වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද පැවැත්වෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළා.
වැටුප් විෂමතා මුල්කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී අදට දින 26 ක් වනවා. පැවති සාකච්ඡා අසාර්ථකවීමත් සමග ප්‍රදේශ කිහිපයක තවදුරටත් විරෝධතාවයේ නිරතවීමටයි ඔවුන් කටයුතුකර තිබෙන්නේ. පසුගිය දින කිහිපයේදී ද ප්‍ර දේශ කිහිපයක විරෝධතා සංවිධානකර තිබූ අතර නිරෝධායන නීති කඩකිරීම් ඇතුළු චෝදනා යටතේ පාර්ශ්ව කිහිපයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා. ඒ අනුව අත්අඩංගුවට ගත් 44 දෙනෙකු ඊයේ දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ඇප මත මුදා හැරුණා.
මේ අතර ඉකුත් තුන්වනදා පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාවය අතරතුර මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සදහන් කළේ.
අද දිනයේදීත් ප්‍රදේශ රැසක ගුරු විදුහල්පති වැටුප් විෂමතාව මුල්කර ගනිමින් විරෝධතා සංවිධානකර තිබෙනවා. ඒ අනුව මහනුවර සිට කොළඹ බලා ගමන් ඇරඹූ ගුරු සංගම් පාගමන ඊයේ දින මාවනැල්ලෙන් ගමන් ආරම්භ කර කෑගල්ලෙන් ගමන් අවසන් කළා. අද දිනයේ ගලිගමුවෙන් ආරම්භ වූ එම පාගමන වරකාපොලින් අවසන්වීමට නියමිත අතර අද දින නැවත කෑගල්ලෙන් ගමන් ආරම්භ කර තිබෙනවා.