ගෙවුණු සති දෙකක කාලය තුළ මෙරටින් කොරෝනා මරණ 550ක් පමණ සිදුව තිඛෙනවා.
සෞඛ්‍ය අංශ දත්ත අනුව ඊයේ දිනයෙන් අවසන් වූ සති දෙක තුළ කොරෝනා මරණ 568ක් වාර්තා වී ඇත.
ඒ අතරින් 327ක් පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවක් 241ක් ද කොරෝනා වෛරසයෙන් මියගොස් තිඛේ.
වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 5 දෙනෙකු පසුගිය සති දෙකක කාලය තුළ කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගොස් ඇති බවද වාර්තා වෙයිග
වයස අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 139 දෙනෙකු අදාළ කාලය තුළ කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගොස් තිබේග
මේ අතර පසුගිය සති දෙකක කාලය තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 424 දෙනෙකු කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගොස් ඇති බවද සෞඛ්‍ය වාර්තාවල දැක්වෙයිග