ගොල්ෆ් ශූර ටයිගර් වුඩ්ස් අනතුරක / පාදයකට බරපතල හානි

සුප්‍රසිද්ධ අමෙරිකානු ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හීදි රිය අනතුරකට ලක්ව තිබෙනවා.

ලොස් ඇන්ජලිස් ටයිම්ස් පැවසුවේ අනතුරෙන් ටයිගර් වුඩ්ස්ගේ පාදයක් බරපතල මට්ටමේ හානියකට ලක්ව ඇති අතර ඔහු සැත්කමක් සඳහා යොමුකරන ලද බවයි.

තමන් රථය ධාවනය කරන මාර්ගයේ වෙනදාට වඩා අධික වේගයෙන් ටයිගර් වුඩ්ස් රිය පදවා ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව කන්දකින් ඉවතට විසිවී ගිය මෝටර් රථ අනතුරට පත්ව තිබූ අතර ඔහු රැගෙන යාමට ගිලන් රථ පැමිණීමට යම් ප්‍රමාදයක් සිදුව තිබූ බවද සදහන්.

45 හැවිරිදි ටයිගර් වුඩ්ස්, 15 වතාවක් ගොල්ෆ් ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටින අතර කලක් ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩකයා බවට ද පත්ව සිටියා.

පුවත යවන්න