ගෝලීය මූල්‍ය ස්ථාවරත්වය යලි අවදානමක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටලීනා ජෝජියේවා ගෝලීය මූල්‍ය ස්ථාවරත්වයේ අවදානමක් පිළිබඳ අනතුරු අඟවනවා.

චීනයේ පැවති දේශනයක දී ක්‍රිස්ටලීනා ජෝජියේවා මෙම අනතුරු ඇඟවීම සිදුකිරීම විශේෂත්වයක්.

එහි දී ඇය පෙන්වා දී ඇත්තේ ගෝලීය ආර්ථිකය අවදානම් සහගත වුවද චීන ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ සලකුණු පෙන්නුම් කර ඇති බවයි.

චීනය ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියනවා.

ගෝලීය ආර්ථික අර්බුදය අඩපණ කිරීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිළිදු රටලවලට ඩොලර් බෙදා හැරී ආකාරය පිළිබඳ මෙහි දී ජෝජියේවා මහත්මිය පැහැදිලි කළා.

පුවත යවන්න