ඝාතනය වූ කුරුවිට තරුණියගේ හිස සොයා කැළණි ගඟේ විශේෂ මෙහෙයුමක්

වේල්ලවීදියේදී ගමන් මල්ලකින් මළ සිරුර හමුවූ තරුණියගේ හිස,ඝාතකයා විසින් බෑගයකට දමා කැළණි ගඟට විසිකර ඇති බවට වන සැකයක් හේතුවෙන් පොලිස් නාවික කොට්ඨාශය කැළණි ගඟේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

වේල්ලවීදිය ප්‍රදේශයේ බෑගයක දමා තිබියදී හිස කදින් වෙන්කර තිබූ කාන්තා සිරුර සොයා ගනු ලැබුවේ පසුගිය 1 වනදායි. ලැබුණු තොරතුරු මත පොලීසිය සිදු කළ අඛණ්ඩ පරික්‍ෂණ හමුවේ සීසීටීවී දර්ශන ඔස්සේ තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකිවුණා.

ඝාතනයට ලක්වූ තරුණියගේ හිස කොටස මෙතෙක් සොයාගෙන නොමැති අතර එය ඝාතනය සිදුකළේ යැයි සැක කෙරෙන උප පොලිස් පරීක්ෂකවරයාගේ පිටෙහි එල්ලාගෙන ගිය බෑගයේ තිබූ බවට සැක පළකරන බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.

කෙසේ නමුත් එම බෑගය ද මෙතෙක් සොයාගෙන නැහැ.අපරාධය සිදුකළ පොලිස් නිලධාරියාගේ නිවස ආසන්න කලාපය තුල ද අදාළ හිස කොටස සොයා පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

පුවත යවන්න