චරිත ඝාතන කරමින් සමාජ මාධ්‍ය වෙත අසභ්‍ය දර්ශන එක් කරන්නන්ට දැඩි දඩුවම්

සමාජ මාධ්‍යය භාවිත කරමින් සමාජ විරෝධී ක්‍රියාවන් සිදුකරනු ලබන පුද්ගලයින්ට වසර 05 ක සිර දඬුවම් ලබාදීමට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ප්‍රකට පුද්ගලයන්ගේ බව පවසමින් අසභ්‍ය දර්ශන මුදා හැරීම හා ඊට අදාළ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් 17 දෙනකුට පසුගිය සමයේ දඩුවම් ලබාදී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ අසභ්‍ය දර්ශනයක් මාධ්‍ය වෙත මුදා හරිනු ලබන්නේ නම් ඔවුන්ට වසර දෙකක කාලයක් සඳහා සිර දඬුවම් ලබාදිය හැකි වනවා.
යම් අවස්ථාවක එවැනි ක්‍රියාවක වින්දීතයෙක් වන පුද්ගලයෙකු හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි අතර ඒ සඳහා die.cid@police.lk යන විද්‍යුත් ලිපිනය ද භාවිත කළ හැකියි.

පුවත යවන්න