දෙහිවල සත්වෝද්‍යානයේ තවත් සත්වයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිඛෙනවා.
චිම්පන්සියන් දෙදෙනෙකුට සහ ඔරං ඔටං සතුන් දෙදෙනෙකුටයි මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ.
කෙසේවෙතත් එම සත්වයින් අනෙක් සතුන්ගෙන් වෙන් කර තැබීමට පියවර ගෙන තිඛෙනවා.
දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට සහ සිංහ දේනුවකට ද මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.