චීනයෙන් ඉන්දියාවට එරෙහිව නව අවියක්

ඉන්දියාවට එරෙහිව චීනය ආයුධයක් ලෙස ජලය භාවිත කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවැකි පළ කර තිබෙනවා.
ඉන්දියාවේ සී නිවුස් වෙබ් අඩවිය පවසන්නේ මේ වන විටත් ටිබෙටයෙන් ගලා එන බ්‍රහ්මපුත්‍ර ගංගාව හරස් කර චීනය විසින් වේලි 3ක් ඉදිකරමින් පවති බවයි.
එමගින් ඉන්දියාවට පැමිණෙන එම ගංගාවේ ජලය වැළැක්වීමට පියවර ගනිමින් පවතින බවයි එම වාර්තාව පවසන්නේ.
මේ අතරින් එක් වේල්ලක් පුද්ගලයන් 150 දෙනකු වාසය කරන ටිබෙටයේ ගම්මානයක ඉදිවන අතර එය ජනතාව වෙනුවෙන් නොව ඉන්දියාවට එරෙහිව සිදුකරන්නක් බවද මෙම වාර්තාව පවසනවා.
මෙසේ චීනය ඉදිකරන වේලි 3 එරට වේලි ධාරිතාවයෙන් සියයට 30ක් තරම් දැවැන්ත බව ද සදහන්.
ඒ අනුව අනාගතයේදී එම ගංගාව හරහා ජලය ලැබෙන ඉන්දියාව , බංග්ලාදේශය යන රටවලට ද බලපෑම් එල්ලවිය හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවැකි පළකරනවා.

පුවත යවන්න