චීනයේ අපනයන වාර්තාගත මට්ටමකින් ඉහළ යයි

චීනයේ අපනයන වර්ධනය දශක දෙකකට වැඩි කාලයක් තුළ වාර්තා වූ ඉහළම මට්ටමට ළගාවී තිබෙනවා.
කොරෝනා වසංගතයෙන් පසු චීන ආර්ථිකයේ මතුව පවතින වේගවත් වර්ධනයයි මේ සඳහා බලපා ඇත්තේ.
ලෝකය පුරා කොරෝනා වසංගතය තුල වැඩි වශයෙන් භාවිත වූ ගෘහස්ථ සැපයුම් සහ ආරක්ෂක ආම්පන්න සඳහා ඉල්ලුම වැඩිවීම ද චීනයේ අපනයන ආදායම් ඉහළයාමට බලපා තිබෙනවා.
මුව ආවරණ , ඉලෙක්ට්‍රොනික හා රෙදිපිළි අපනයන මේ යටතේ ඉතිහාසයේ දැවැන්තම අපනයන සීමාවටයි පිවිස ඇත්තේ.
මෙම වසරේ ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ චීනයේ සාමාන්‍ය අපනයන සියයට 60.6 කින් ඉහළ ගොස් ඇති අතර ඉලෙක්ට්‍රොනික් හා මුව ආවරණ නැව්ගත කිරීම් මගින් ආදායම සියයට 22කින් වර්ධනයවී තිබුණා.
පසුගිය වසරේ චීනයේ අපනයන සියයට 17 කින් සහ ආනයන සියයට 4 කින් පහත වැටීම වාර්තාවූ අතර මෙම වසරේ එය වළක්වා ගැනීමටයි චීනය සමත්ව ඇත්තේ.

පුවත යවන්න