චීනයේ උපත් අනුපාතය බරපතල මට්ටමේ පහත යාමක

ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන චීනයේ උපත් අනුපාතය බරපතල මට්ටමින් පහත වැටෙමින් පවතින බව සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත වාර්තා කර තිබෙනවා.
චීනයේ උපත් ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින අතර අනාගතයේදී අලුත උපන් බිළිඳුන්ගේ සංඛ්‍යාව ඉහළ නොගියහොත් එරට ජනගහනයට මෙන්ම සංවර්ධන ඉලක්ක සඳහා ද බලපෑමක් එල්ලවිය හැකි බවයි එම වාර්තාව පවසන්නේ.
දැනට පවතින දත්ත අනුව එරට ජනගහන වර්ධන වේගය වසර කිහිපයකට පෙර තත්ත්වයට වඩා සියයට 30කින් පහත වැටී තිබීම විශේෂත්වයක්.
මේ වන විට චීනයේ ජනගහනය බිලියන1.4 ක් වන අතර ලෝක ජනගහනයෙන් සියයට 18ක් චීන ජාතිකයන් වනවා.
මේ අතර ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත ඉන්දියාව තවත් වසර කිහිපයකින් ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට බවට පත්වීමට නියමිතයි.
දැනට ඉන්දියාවේ ජනගහනය දැක්වෙන්නේ බිලියන1.36ක් ලෙසයි.

පුවත යවන්න